පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එම පක්ෂය තුළම මත ගැටුම් නිර්මාණය වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
රටට හතුරු 20 එපා යන මැයෙන් මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේ ඊයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
