Gossips

20ට එරෙහි වූ පෙත්සම් විභාගය අවසන් කෙරේ

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද අවසන් කළා.
ඊට එරෙහිව පෙත්සම් 16ක් ඉදිරිපත් වී තිබූ අතර, එය පුරා දින 3ක් අඛණ්ඩව විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබුණා.
අදාළ පනත් කෙටුම්පත පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුයේ ජනතා විමුක්ති පෙරමුණ විසින්.