Gossips

20ට එරෙහි වූ ගම්මන්පිළට ජවිපෙන් පිළිතුරු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ආකාරයට පනත් සම්මත කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට කිසිදු අවශ්‍යාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා.
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මෙම කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ.
විධායක ජනාධිපති ධූරය සංශෝධනය කිරීම සඳහා වූ විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනතා විමුක්ති පෙරමුණ පසුගිය 5 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
එය ගැසට් කරනු ලැබුවේ පසුගිය ජූලි 9 වනදායි.