Gossips

20ට එරෙහිව තවත් පෙත්සමක්

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණයට අද තවත් පෙත්සමක් ඉදිරිපත් වුණා.
එම පෙත්සම ගොනුකර තිබුණේ රාවණාබලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් විසින්.
මෙම සංශෝධනයට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණේ පසුගිය 7 වනදායි.
ජනතාව විමුක්ති පෙරමුණ පසුගිය 05 වනදා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.