Gossips

19 වන සංශෝදනයේ දුර්වලතා ඇත්නම් පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග මගින් සංශෝදනය කිරීමට සූදානම් – ජනපති

19 වන ව්‍යවස්ථා සංශෝදනයේ කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම් දේශපාලන වශයෙන් ගැටලුසහගත වන කරුණුවලට අදාළ සංශෝදන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සිදු කිරීමට කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරනවා.
මෙහිදී 19 වන සංශෝදනයේ හරය සහ එමගින් ඇති කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී සාරය ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියාසිටියේ.
19 වන සංශෝධනය සම්මත කර ගනු ලැබුවේ දශක තුනක් තිස්සේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පැවති ගැටලූකාරි තත්ත්වය විසදීම සදහා බව ද එම නිවේදනය මගින් පෙන්වා දෙනවා.
එම සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම ඇතුළු සාධනීය ප්‍රතිඵල සමුදායක් ශ්‍රී ලංකා සමාජයට ලැබී තිබෙනවා.
එය රට නූතන යුගයකට ගෙන යාම සදහා අත්‍යාවශ්‍ය වූවක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.