Gossips

19 ප්‍රගතිශීලීයි – ජ.වි.පෙ

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉතා ප්‍රගතිශීලි ව්‍යවස්ථා සංශෝධනයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ද ඊට එක්වෙමින් අදහස් පළ කර සිටියා.