Gossips

19න් පහළ ක්‍රීඩකයෙකුට අයි.පී.එල්. අවස්ථාවක්

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 38කට කඩුලු 6ක් බිද හෙළුෑ ඉන්දීය ක්‍රීඩක හර්ෂ් ත්‍යාගි අයි.පී.එල්. තරගාවලියට සහභාගිවීම පිළිබදව සිය අභිලාෂය පළ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
18 හැවිරිදි ඔහු අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාවට එරෙහිව අවියක් ලෙස යොදා ගත් බවයි ඉන්දීය පිළේ කළමනාකාරීත්වය සඳහන් කළේ.
මේ අතර, බංග්ලාදේශයේ පැවති ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අනුශූරයන් වූ ශ්‍රී ලංකා පිළ ඊයේ පස්වරුවේ යළි දිවයිනට පැමිණියා.
ඔවුන් පිළිගැනීම සඳහා සිය නිලධාරීන් කණ්ඩායමක් එක්වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.