Gossips

188 දෙනෙකු සමග ගුවන් යානයක් ඉන්දුනීසියාවේදී මුහුදට කඩා වැටේ

ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරින් ගමන් ආරම්භ කළ ගුවන් යානයක් බටහිර ජාවා දූපත් ආසන්න මුහුදට කඩා වැටීමෙන් එහි ගමන් කළ 188 දෙනාම මියගොස් ඇති බව වාර්තා වනවා.
මියගිය පිරිස අතර කුඩා දරුවන් තුන්දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 7 දෙනෙකු ද සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
බොයිං 737 වර්ගයට අයත් මෙම යානය ජාකර්තා අගනුවරින් ගමන් ආරම්භ කර ඇත්තේ උදෑසන 6.20ට පමණයි. පංගක්කල් දූපත වෙත ගමන් කරමින් තිබූ මෙම යානය උදෑසන 6.33ට පමණ පාලක මැදිරිය සමග සම්බන්ධතා ඇනහිට තිබුණා.
ගුවන් යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.