Gossips

18 උතුරේ ශෝක දිනය රජයට ගැටළුවක් නැතැයි රාජිත කියයි

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය මැයි 18 වනදා උතුර පළාතේ ශෝක දිනයක් ලෙස නම් කිරීම රජයට ගැටළුවක් නොවන අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
එහිදී ඔහු කියා සිටියේ යුද්ධයේදී මියගිය පුද්ගලයින් සැමරීමට උතුරේ ජනතාවටද අයිතියක් ඇති බවයි.
එහිදී ජනතා විමුක්ති පෙරමුණද ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.
එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණද ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කර තිබූ බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.