Gossips

17 හැවිරිදි තරුණයෙක්ට මරු කැඳවූ අනතුර

අනුරාධපුර, රබෑව, ගිනිකටු වැව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසල තිබූ විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ඊයේ (09) පස්වරුවේ සිදුවූ අනතුරෙන් මියගොස් ඇත්තේ අනුරාධපුර, ගෝනෑව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක්.
තුවාල ලැබූවන් රබෑව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.