Gossips

17 හැවිරිදි තරුණයාට 16 හැවිරිදි තරුණියක් කළ අමානුෂික අපරාධය

තම ආදරය ප්‍රතික්ෂේප කළ තරුණයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකළ තරුණියක් පිළිබඳව මෙතෙක් නොඇසූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ බංගලාදේශයේ ඩකා ප්‍රදේශයෙන්.
මෙලෙස ඇසිඩ් ප්‍රහාරය එල්ලවී ඇත්තේ මහමුදුල් නමැති 17 හැවිරිදි තරුණයෙකුටයි.
ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති තරුණියගේ වයස අවුරුදු 16ක් බවයි වාර්තා වන්නේ.
මාස කිහිපයක් තිස්සේ එම තරුණිය මහමුදුල් පසුපස පැමිණ ඔහුගේ ආදරය බලාපොරොත්තුවෙන් විවිධ ඉල්ලීම් සිදුකර ඇති බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.
කෙසේ වෙතත් තමන් එම තරුණියට අකමැති බව සෑම විටකම තමන් පැවැසූ බවයි තරුණයා පවසන්නේ.
පසුගිය දිනක තරුණයා සිය මිතුරන් කිහිප දෙනෙකු සමඟ කතාකරමින් සිය නිවසට යමින් සිටියදී අදාළ තරුණිය විසින් මෙලෙස ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
අනතුරුව එම තරුණයා කඩිනමින් රෝහල්ගතකළද ඇසිඩ් ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ මුහුණ ඒ වනවිටත් බරපතළ ලෙස පිලිස්සී ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව සිද්ධිය වූ දිනට පසුදින අදාළ තරුණයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන තරුණිය සහ ඇයගේ මව අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මේ වනවිටත් එම තරුණයා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔහුගේ මව පවසන්නේ කිසිවෙකු නොසිතූ ලෙස සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් තම පුතු දැඩි මානසික පීඩනයකටද ලක්ව ඇති බවයි.
කෙසේ වෙතත් ඔහුගේ මුහුණ බරපතළ ලෙස පිළිස්සී ඇති බැවින් ඔහුගේ මුහුණ යථාතත්වයට පත්වීම පිළිබඳව කිසිදු නිශ්චිතව සඳහන් කළ නොහැකි බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.
බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලැබූ එම තරුණයාගේ ඡායාරූප පෙළක් පහතින්.
සංවේදී දර්ශන සහිතයි.