Gossips

17 වසරකට පසු පොඩි පෝල්ට මරණ දඬුවම

වසර 17කට පෙර ගාල්ල – රත්ගම – පල්ලියපිටිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකට අදාළව චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට මරණ දඬුවම නියම වී තිබෙනවා.
ඊට අදාළ නඩුව දකුණු පළාත්බද මහාධිකරණයේදී අද කැදවූ අතර, එම අවස්ථාවේදීයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.
2001 වසරේ ඔක්තෝම්බර් මාසයේදී පල්ලියපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පසුව ඊට අදාළව පුද්ගලයන් තුන් දෙනෙකුට චෝදනා එල්ල වූ අතර එහි පළමු වන විත්තිකරුටයි මෙලෙස මරණ දණ්ඩනය නියම වී ඇත්තේ.
ඔහු උදයකුමාර හෙවත් පොඩි පෝල් නැමැති පුද්ගලයෙක්.