Gossips

17 වන දා තීරණයක් ගන්නා බව වෛද්‍යවරුන් කියයි

වෛද්‍යවරුන් ඉලක්ක කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ නිර්නාමිකව ඉදිරිපත් කරනු ලබන චෝදනා පදනම් කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශ දේශපාලනඥයින්ට එරෙහි වෛද්‍යවරුන්, දඩයම් කිරීමක නිරත වන බවයි.
නිර්නාමිකව ලද චෝදනාවක් පදනම් කර ගනිමින් අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂවරයාට විරුද්ධව පරීක්ෂණ පැවැත්වීම සඳහා ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායමක් අනුරාධපුර රෝහලට පැමිණීම එහි ආසන්නතම සිදුවීම බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා කියා සිටියේ 17 වන දා රැස්වන මධ්‍යම කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගන්නා බවයි.