Gossips

17 ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කටාර් සිට තම ගමන් මල්ලේ සඟවාගෙන මෙරටට ගෙන ආ රුපියල් 17 ලක්ෂ 49,000 කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් 5 ක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු අද අලූයම කටාර් ගුවන් සේවයට අයත් 668 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ ඇති අතර, රන් බිස්කට් සියල්ල රාජසන්තක කර රුපියල් 25,000 ක දඩයක්ද නියම කර තිබෙනවා.