Gossips

16 හැවිරිදි සිසුවා මියයාමේ සිද්ධියට විදුහල්පති කාර්යාලයේ සිරකරගනී

ඉදිකරමින් තිබූ ක්‍රීඩා මණ්ඩපයේ කොන්ක්‍රීට් කණුවක් අනපේක්ෂිත ලෙස කඩාවැටීමෙන් පලාගල – බුදුගේහීන්න මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවෙකු ඊයේ මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් දෙමාපියන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවනවා.
ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ විදුහල්පතිවරයාද සිය කාර්යාලය තුළ සිරකරගනිමින් දෙමාපියන් මෙලෙස විරෝධතාවයේ නිරතවූ අතර එහිදී උණුසුම් තත්වයක්ද හටගැනුනා.