Gossips

16 හැවිරිදි පාසල් සිසුවියක් වැසිකිළියක් තුලදී දරුවෙකු ප්‍රසූත කරයි

16 හැවිරිදි පාසල් සිසුවියක් සිය නිවසේදී දරුවෙකු ප්‍රසූත කළ පුවතක් මොණරාගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මොණරාගල, මැදගම ප්‍රදේශයේ පදිංචි සිසුවියකුයි මෙම දරු ප්‍රසුතිය සිදුකර ඇත්තේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරක් මත වැඩිදුර පරීක්ෂණ සිදුකර ඇති අතර එහිදී පාසල් සිසුවිය පොලිසියට පවසා ඇත්තේ තමා දරුවෙක් බිහි කිරීමට සිටි බව නොදැන සිටි බවයි.
තමාට තුනටිය ප්‍රදේශයේ ඇති වූ වේදනාවක් මත වැසිකිළියට ගිය අවස්ථාවේ මෙම දරුවා බිහි වූ බවයි සිසුවිය පොලීසිය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
කලකට ඉහතදී සිසුවිය සිය නිවස ආසන්නයේ ම පදිංචි තරුණයෙක් සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා තිබෙන බව මුලික පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වී තිබෙනවා.
එහිදී එම තරුණයා සහ සිසුවිය අවස්ථා කිහිපයකදී අඹු සැමියන් ලෙස හැසිරී ඇති බව සඳහන්.
සිද්ධියට සම්බන්ධ 22 හැවිරිදි තරුණයා මැදගම පොලීසිය විසින් පසුගිය 24 වනදා අත්අඩංගුවට ගෙන ඊයේ (25) බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වනවා.
පාසල් දැරිය සහ බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් බිබිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු පැවසුවේ.