Gossips

16 න් 7 ක් බැසිල් සමග සාකච්ඡාවට නැහැ

ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර සාකච්ජාව මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.
බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාව ආරම්භ වුණේ අද පස්වරු 4.30 ට පමණයි.
ඊට දහසයේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න ඇතුළු මන්ත්‍රීවරුන් 09 දෙනෙකු සහභාගි වී තිබෙනවා.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරුන් 7 දෙනෙකු ඊට සහභාගි වී තිබුණේ නැහැ.
පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සාකච්ඡාව සඳහා එක්ව ඇත්තේ එහි සභාපති, මහාචාර්ය ජී.එල්.පීරිස් සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂයි.
නිදහස් පක්ෂ දහසය දෙනාගේ කණ්ඩායම නිල වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කළ පළමු අවස්ථාවද මෙයයි.