Gossips

16 න් මහින්දට පොරොන්දුවක්

ඉදිරි ජනාධිපතිවරණයේදී සුළු ජාතික පක්ෂවල සහය ලබාගැනීම සඳහා තම පාර්ශවය කටයුතු කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පොරොන්දු වූ බව ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම පවසනවා.
කොළඹ – විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ ඊයේ පැවති සාකච්ජාවලින් අනතුරුව නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලගේ නිවසේ අද මාධ්‍ය හමුවකට කැදවා තිබුණා.
මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල සහ තාරානාත් බස්නායක ද එක්ව සිටියා.