Gossips

16 න් බැසිල්ට උත්තර

ඉදිරි මැතිවරණ වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ තවත් බලවේග කිහිපයක් සමග පොදුජන පෙරමුණෙන් තරඟ කරන බව නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම පවසනවා.
ඔවුන් සංවිධාන කරන නිදහසේ වේදිකාව ජනරැලි මාලාවේ දෙවන රැළියට අද (16) මාතලේදී එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මේ බව කියා සිටියා.
උත්සවය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පසුගියදා 16 කණ්ඩායම පිළිනොගන්නා බවට පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදුන්නා.
එහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව ඉටු කිරීම සදහා තම පිරිස සූදානම් නොමැති බවයි.