Gossips

16 දෙනා මැයි රැලියට එක්වීම ගැන තීරණය ජනපති හමුවෙන් පසු

ජනාධිපතිවරයා හමුවීමෙන් පසු මැයි දිනයට සහභාගිවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ බහුතරය තීරණය කර තිබෙනවා.
ඒ අනුව නුදුරු දිනයකදී මෙම පිරිස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමද බොහෝදුරට ඉදිරි සතිය තුළ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ආණ්ඩුවෙන් ඉවත්වූ ඇමතිවරුන් මීට පෙර සඳහන් කළේ මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් ලෙස ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳ යෝජනාව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත් ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑම පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීම සඳහා පත් කළ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම කමිටුව එම වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.