අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂ වූ නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට භාර ගැනීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
පොළොන්නරුව – දියබෙදුම – පැරකුම්ගම ශ්‍රී ඥාණෝද්‍යාරාම විහාරස්ථානයේ අද (16) පැවති හිස තෙල් ගෑමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
