Gossips

16 දෙනා ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම් වලට සහභාගි වන බව කියයි

ඉදිරි සතියේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට තම පාර්ශවයද සහභාගි වන බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න කොළඹ අද (21) කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව කියා සිටියා.
මේ අතර, එක්සත් ජාතික පක්ෂය සිරිකොත පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියා සිටියේ අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් ඉදිරිපත් කළ සංදේශය අමාත්‍ය මණ්ඩලයේදී ප්‍රතික්ෂේප නොවූ බවයි.
එල්.ටී.ටී.ඊ පවුල්වල සාමාජිකයින්ට වන්දි ලබාදීම සදහා මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය ගෙන ආ බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.