Gossips

16 දෙනාගේ කණ්ඩායම ජනපති අපේක්ෂකයා කවුදැයි තවමත් තීරණය කර නැහැ

16 දෙනාගේ කණ්ඩායම ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන්නේ කිනම් අපේක්ෂකයෙකුට ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ හාලිඇල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන දෙදෙනාගේ ඒකාබද්ධ තීරණයකට අනුව නිදහස් පක්ෂය ප්‍රමුඛ පෙරමුණකින් පැමිණෙන පුද්ගලයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම ඒ සඳහා අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරන බවද මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය සමඟ ඞීල් දාන පිරිස් සමඟ කිසිවිටකත් එක්ව කටයුතු නොකරන බව සඳහන් කරමින්.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස්ද නිදහස් පක්ෂයේ සාමාජිකයින් බවද මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කරමින් ප්‍රකාශ කළේ නිදහස් පක්ෂය වැළලීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවයි.