Gossips

16 දෙනාගේ කණ්ඩායමට ජනපතිගෙන් කැඳවීමක් – එජාප දේශපාලන මණ්ඩලයත් රැස්වේ

විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු අද (11) යළි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතයි.
අද (11) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ ඇමතිවරුන් 16 දෙනාටම කැදවීම් ලැබී තිබෙනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වෙන දිනයක් පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි නිදහස් පක්ෂ මූලස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩලය ද පළමු වතාවට අද රැස්වනවා.
එහිදී විශ්වාසභංග යෝජනාවට පක්ෂ වූ නිදහස් පක්ෂ ඇමතිවරු පිළිබඳවද අවධානය යොමු කරන බවයි එහි සාමාජික නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී කියා සිටියේ.
එමෙන්ම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින්ද අද අග්‍රාමාත්‍යවරයා හමුවී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.