Gossips

16 දෙනාගෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක්

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස් කර තිබෙනවා.
ජන ජීවිතයට බලපාන ප්‍රධාන විෂයන් 21ක් මුල් කර ගනිමින් එම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇති බවයි හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
එමෙන්ම තම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වීමට හේතු වූ කරුණු ද එහි ඇතුළත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා සම්මන්ත්‍රණ මාලාවක් දිවයින පුරා ක්‍රියාත්මක කරන අතර, ඉන් පළමු සම්මන්ත්‍රණය ලබන 26 වන දා මාතරදී පවත්වන බවයි ඔහු කියා සිටියේ.