ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුව අද (23) පස්වරුවේ පැවැත්වෙනවා.
ඒ, කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදියි.
මෙහිදී දේශපාලන වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කියා සිටියේ.
