ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අතර හමුවක් මේ වන විට විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙනවා.
16 දෙනාගේ කණ්ඩායම, දේශපාලන පක්ෂ නායකයින් හමුවීම් වැඩසටහන් මාලාවේ එක් පියවරක් ලෙස මෙය සිදුවන අතර, මෙහිදී විපක්ෂ නායකවරයා සමඟ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ බලය බෙදීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක කියා සිටියේ.