ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම සහ ඒකාබද්ධ විපක්ෂයේ නායක සහ මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා.
ඒ, මහරගම පිහිටි මහජන එක්සත් පෙරමුණේ මූලස්ථානයේදියි.
16 දෙනාගේ කණ්ඩායමේ නියෝජිතයින් රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
ඉන් අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න කියා සිටියේ ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට සහභාගිවීමට ද තීරණය කළ බවයි.
