Gossips

16 කණ්ඩායම කාදිනල් හිමිපාණන් හමුවට

ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 කණ්ඩායමේ නියෝජිතයින් පිරිසක් අද (11) පෙරවරුවේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවුණා.
එම හමුව සඳහා හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක, තිලංග සුමතිපාල, සුසිල් ප්‍රේමජයන්ත, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී.ජයසේන, ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි සහ ටී.බී.ඒකනායක එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
ඔවුන් මෙලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවී ඇත්තේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මෙන්ම, ආශිර්වාද ලබා ගැනීම සඳහායි.
එම හමුවෙන් අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක කියා සිටියේ ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ ඉදිරි ගමන තීරණය කරන්නේ ඔවුන් පමණක් බවයි.