Gossips

16 කණ්ඩායම අලුත් බලාපොරොත්තුවක

මීළඟ සිංහල අලුත් අවුරුද්ද වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා.
ඒ, කොළඹ අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පසුව ක්‍රිකට් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලගෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා සහ එස්.බී. දිසානායක විරෝධය පළ කළ අතර, ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවෙන් පිටව ගියා.