ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුව ලබන 23 වනදා දක්වා කල් දමා තිබෙනවා.
එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අත්‍යාවශ්‍ය කටයුතු සදහා මේ දිනවල කොළඹින් පිටත රැඳී සිටීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.
ඒ අනුව අදාළ සාකච්ඡාව ලබන 23 වන බදාදා පස්වරු 5 ට කොළඹදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
