Gossips

16 අසාමාන්‍ය කුමන්ත්‍රණයක් හෙළිකරයි

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව කරුණු ඇතුළත් හඩපටය, අසාමාන්‍ය දේශපාලන කුමන්ත්‍රණයක් අනාවරණ කරන බව නිදහස් පක්ෂ 16 කණ්ඩායම පවසනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මේ බව කියා සිටියා.
මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ද අදහස් පළ කළා. මැතිවරණයකින් තොරව රටේ බලය ලබාගැනීමේ කුමන්ත්‍රණයක් ඒ තුළ සැඟව තිබිය හැකි බව ඔවුන් සඳහන් කළා.
එම නිසා නීතිය හා සාමය අමාත්‍යාංශය වහාම ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට කටයුතු කරන ලෙසයි ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ.