Gossips

16යේ වටය අද සිට – සියල්ලන්ගේ අවධානය මෙසී-රොනාල්ඩෝ වෙත

රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටය අද ආරම්භ වනවා.
අවසන් වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 16 අතුරින් අද මුලින්ම තරඟ වදින්නේ ආර්ජන්ටිනාව සහ ප්‍රංශයයි.
දෙවන තරඟය උරුගුවේ සහ පෘතුගාල කණ්ඩායම් අතර පැවැත්වෙනවා.
මෙහිදී සියල්ලන්ගේ අවධානය යොමුව ඇත්තේ ආර්ජන්ටිනා පිළේ ලියොනාල් මෙසී සහ පෘතුගාල කණ්ඩායමේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දක්වන දස්කම් පිළිබඳවයි.
මේ අතර බොහෝ දෙනෙකු පවසන්නේ මෙසී සහ රොනල්ඩෝ මුහුණට මුහුණ ගැටෙන අවසන් පූර්ව වටයක් පැවතියහොත් එය වඩා තියුණු මුහුණුවරක් ගනු ඇති බවයි.
කෙසේ වෙතත් ඒ සඳහා අද පැවැත්වෙන තරඟවලින් ඔවුන්ගේ කණ්ඩායම් ජයගත යුතු වෙනවා.
එසේ වුවහොත් අනතුරුව එළඹෙන 6 වනදා පැවැත්වෙන අවසන් පූර්ව වටයේදී මෙසී සහ රොනාල්ඩෝ මුහුණට මුහුණ හමුවනු ඇති.
සුපිරි 16යේ කණ්ඩායම් අතර තරඟ 8 අද සිට ඉදිරි දින 4 තුළ රුසියාව පුරා නගර 7කදී පැවැත්වෙනු ඇති.
සත්කාරක රුසියාව සමඟ අවසන් වටයට සුදුසුකම් ලැබූ බ්‍රසීලය, ආර්ජන්ටිනාව, එංගලන්තය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය මීට පෙර පාපන්දු ලෝක ශූරතාව දිනූ රටවල් ලෙස සැලකිය හැකියි.
පසුගිය ලෝක ශූරයන් වූ ජර්මනිය මූලික වටයේදී දකුණු කොරියාව අතින් පරාජය ලැබීම නිසා අවසන් කණ්ඩායම් 16 අතරට සුදුසුකම් නොලැබීම විශේෂත්වයක්.