Gossips

16යේ කණ්ඩායම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හමුවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නා ලෙසට ඇතැමුන් ප්‍රකාශ කරන්නේ මැතිවරණ නීතිය නොදැන බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16යේ කණ්ඩායම පවසනවා.
එහි නියෝජිතයින් මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සමඟ ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.
මහරගම පිහිටි ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණු කාර්යාලයේ මෙම සාකච්ඡාව පැවති අතර ඊට 16යේ කණ්ඩායමේ සාමාජිකයින් 12 දෙනෙකු එක්ව සිටියා.
මේ අතර, ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම ඉදිරියේදී නිදහස් පක්ෂයෙන් ද ඉවත් වනු ඇති බව නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ තවත් මාස දෙකකින් 16යේ කණ්ඩායම අවසන් වන බවයි.