Gossips

16යේ කණ්ඩායම තීරණයක් ගැනීමේ සූදානමක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ රැදී සිටීමට කටයුතු කරන්නේ නම් තවදුරටත් පක්ෂය තුළ රැදී සිටිනවා ද යන්න පිළිබදව තීරණයක් ගැනීම සඳහා අමාත්‍ය ධුරවලින් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම ඉදිරියේදී රැස්වීමට නියමිතයි.
හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ කඩිනමින් තම කණ්ඩායම රැස්වී මේ පිළිබඳ තීරණයකට එළඹෙන බවයි.