Gossips

16යේ කණ්ඩායම අද ප්‍රථම වරට ඒකාබද්ධයේ කණ්ඩායම් රැස්වීමට

ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ නියෝජිතයින් අද ප්‍රථම වරට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීම සඳහා සහභාගි වුණා.
පස්වරු 4.30ට පමණ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ – විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසේදී රැස්වුණු අතර ඊට 16යේ කණ්ඩායම සහභාගි වූයේ පස්වරු 6ට පමණයි.
දැනට විදේශගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක හැර අනෙකුත් සියලූම මන්ත්‍රීවරුන් ඊට සහභාගි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.