ඒකාබද්ධ විපක්ෂය අනිද්දා කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය කඩා කප්පල් කිරීමට රජය සූදානම් වුවහොත් රට පුරා සමස්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක විය හැකි බවට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම අනතුරු අගවනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ බව කියා සිටියා.
මේ අතර, එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා කියා සිටියේ ආණ්ඩුවේ ඇතැම් පිරිස් විරෝධතා රැළිය කඩාකප්පල් කිරීමේ අරමුණින් එම දින කිහිපය තුළ ව්‍යාපෘති රැසක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
