Gossips

16න් පිරිසක් ආපසු එන බව ඇමති අමුණුගම කියයි

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායමේ කිහිප දෙනෙකු ඉදිරියේදී යළිත් තම පාර්ශවය සමඟ එකතු වීමට සූදානම් බව අමාත්‍ය සරත් අමුණුගම පවසනවා.
මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙතෙක් ඉල්ලීමක් සිදුකර නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.