Gossips

152 වන පොලිස් දින සැමරුම අද

ශ්‍රී ලංකා පොලීසියට අදට වසර 152 ක් සැපිරෙනවා.
ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් බම්බලපිටිය පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
පොලිස් දින සැමරුමට සමගාමීව අද අලූයම බෞද්ධාගමික වතාවත් හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේදී පැවති අතර, ඊට අමතරව බම්බලපිටිය ශාන්ත මේරි දේවස්ථානයේ, ශ්‍රී කදිරේෂන් හින්දු කෝවිලේ සහ දවටගහවත්ත මුස්ලිම් පල්ලියේදී සර්ව ආගමික වතාවත් පැවැත්වුණා.