152 වන පොලිස් දින සැමරුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ පැවැත්වුණා.
පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ මෙම උත්සවය විශේෂ පොලිස් සංදර්ශනයකින් ද අලංකෘත වුණා.
ඊට එක්වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ පොලිස් වාර්තා සැසදීමේදී වර්තමානයේ රටේ අපරාධ සියයට 35කින් අඩු වී ඇති බවයි.
මේ අතර, මෙම උත්සවයට සහභාගිවීම සඳහා තමන්ට අවසර හිමි නොවූ බවට පොලිස් රණවිරු සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා චෝදනා කරනවා.
උත්සවය ආරම්භයට පෙර තමන් එහි පැමිණිය ද උත්සව භූමියට ඇතුළුවීම සඳහා අවසර හිමි නොවූ බව එම සංගමයේ සභාපති අසේල කුමාර කියා සිටියා.
කෙසේ වෙතත්, පොලිස්පති පූජිත් ජයසුන්දර අද උදෑසන පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත සඳහන් කළේ ඕනෑම පුද්ගලයෙකුටම මෙම උත්සවයට සහභාගිවීමේ අවස්ථාව පවතින බවයි.