Gossips

15 හැවිරිදි පාසල් සිසුවෙකුගෙන් 11 හැවිරිදි දැරියකට පිහි ප්‍රහාරයක්

එකොළොස් හැවිරිදි දැරියකට පිහියකින් ඇණ බරපතළ තුවාල සිදුකළ පහළොස් හැවිරිදි සැකකාර පාසල් සිසුවෙකු 14 වනදා දක්වා පරිවාස භාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව හික්කඩුව පොලිසිය පවසනවා.
ඒ අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුවා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි අනතුරුවයි.
මොවුන් දෙදෙනා හික්කඩුව, එගොඩගොඩ ප්‍රදේශයේ ආසන්න නිවාස දෙකක පදිංචිකරුවන් බව සඳහන්.
සෙල්ලම් ගෙයක් සෑදීමට අසළ ඇති ලඳු කැළැවකට ගිය අවස්ථාවේදී ඉකුත් 04 වනදා පස්වරුවේ මෙම පිහි ඇණුම සිදුව තිබෙනවා.
පිහි ඇණුමෙන් තුවාල ලැබු සිසුවිය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
මොවුන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස් විමක් දුරදිග ගොස් දැරිය කෑගසා ඇති බව සඳහන්.
එම අවස්ථාවේ පාසල් සිසුවා විසින් සිසුවියගේ ගෙලට සහ මුහුණට පිහියෙන් ඇණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.