Gossips

15 හැවිරිදි දැරිය කෙළෙසු මාමා පොලිස් දැලේ

වයස අවුරුදු 15ක පාසල් සිසුවියක් මීට වසර තුනකට පෙර දූෂණය කර ඇය සමඟ නිරන්තර අඹු සැමි සම්බන්ධතා පැවැත්වූ බව කියන 58 හැවිරිදි පුද්ගලයෙකු නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අතවරයට පත්ව ඇති දැරියගේ පියාගේ සහෝදරියක සමඟ විවාහ වී සිටින තැනැත්තා බවයි වාර්තා වන්නේ.
අතවරයට පත්ව ඇති දැරිය මෑතකදී වයස අවුරුදු 23ක තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.
එහිදී අදාල තරුණයා විසින් පාසල් දැරිය දූෂණය කර ඇති බව ඇයගේ මව්පියන් විසින් නවගත්තේගම පොලීසියට පැමිණිලිකර ඇති බව සඳහන්.
ඒ අනුව විමර්ශණ කටයුතු සිදුකර ඇති පොලීසිය සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවරක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකර තිබෙනවා.
එහිදී අනාවරණය වී ඇත්තේ අදාල දැරිය මීට පෙරද අතවරයට පත්ව ඇති බවයි.
ඒ අනුව ඇයගෙන් කළ විමසීමකදී කලින් තමන්ට සිදුවී ඇති අතවරය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පාඩම් කටයුතු සදහා 2013 වර්ෂයේ තම නැන්දණියගේ නිවසට ගිය අවස්ථාවේ සිය මාමා ප්‍රථම වතාවට තමන්ට අතවර කළ බවත් පසුව අවස්ථා කීපයකදීම ඔහු තමන් සමග අඹු සැමි සම්බන්ධතා පැවැත්වූ බව දැරිවිය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.
ඒ අනුව විමර්ශණ කටයුතු සිදුකළ ඇති පොලීසිය දැරියගේ මාමා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.