ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට 15 දෙනාගේ කණ්ඩායම පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ ලිපිය පිළිබඳ අවධානයට යොමුකර නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි චෝදනා කරනවා.
ඊයේ (16) දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ජනාධිපති නිල නිවසේදීයි.
එහිදී මෙම ලිපිය සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුවී නොමැති බවටයි මන්ත්‍රීවරයා චෝදනා කළේ.
මේ සම්බන්ධයෙන් අප නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ එම ලිපිය යොමුකළ මන්ත්‍රී කණ්ඩායමේ කිසිදු සාමාජිකයෙකු මෙම රැස්වීමට සහභාගි නොවීම හේතුවෙන් එය සාකච්ඡාවට නොගත් බවයි.