Gossips

14 හැවිරිද පාසල් සිසුවෙකුට නොමනා වැඩක් කළ අලුත් මන්ත්‍රීවරියගේ සැමියා

14 හැවිරිද පාසල් සිසුවෙකුට නොමනා වැඩක් කළ අලුත් මන්ත්‍රීවරියගේ සැමියා "
අලුත් මන්ත්‍රිවරියකගේ සැමියා අත්අඩංගුවට.
14 හැවිරිද පාසල් සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී හලාවත නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත් වු මන්ත්‍රීවරියකගේ ස්වාමි පුරුෂයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මීට වසර කිහිපයකට පෙර පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සැකකරු ඔහුගේ නිවස ඉදිරිපිට අලංකරණයට සිටුවා ඇති උණ ගසක් මෙම සිසුවා විසින් ගලවාගෙන ඇති බවට පවසමින් ඊයේ පස්වරුවේ පහර දීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළා.
පසුව සිසුවා හලාවත මහා රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
එමෙන්ම මුදල් වංචාවක් සිදුකළ බවට ලද පැමිණිල්ලක් මත බුත්තල ප්‍රාදේශිය සභාවට පොදුජන පෙරමුණෙන් තරඟ කළ අපේක්ෂකයෙකු ඇතුඵ තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් ඉඩම් ගණුදෙනුවක් සම්බන්ධයෙන් ලක්ෂ ගණනක මුදල් වංචාවක් සිදුකර ඇති බවට ලද පැමිණිල්ලකට අනුවයි ඊයේ රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත්තේ.
අපේක්ෂකයාට අමතරව අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් අතර බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අතර වෙන්නප්පුව – පොතුවටවන මහා විහාරයේ විෂ්ණු දේවාලයේ තිබූ පිං කැටය කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් තිබෙනවා.
පිං කැටයේ තිබූ රුපියල් එක්ලක්ෂ 30,000 ක මුදලක්, විෂ්ණු දේව රූපයේ අතක තැන්පත් කර තිබූ ලක්ෂ 5 ක පමණ වටිනාකමකින් යුත් වාලම්පූරිය සහ දේව ප්‍රතිමාවට පළදවා තිබූ පවුම් තුනහමාරක් බරැති රන් දම්වැලක් පසුගිය 19 වනදා මෙලෙස සොරාගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.