Gossips

14 හැවිරිදි පාසල් දැරිය තනිව ගෙදර යද්දී මග හරස්කර කළ අපරාධය එළියට එයි

14 හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස අතවර කළ පුද්ගලයෙකුට රත්නපුර මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 10 ක සිරදඬුවම් නියමකර තිබෙනවා.
මෙලෙස දඬුවම් නියමවූයේ බලංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටයි.
සිරදඬුවමට අමතරව මුදලින් ලක්‌ෂයකට වන්දියක්‌ ගෙවීමට ද සැකකරුට අධිකරණය විසින් නියමකළා.
තම පාසල නිමවී නිවසට පැමිණෙමින් සිටි දැරියකටයි මෙලෙස සැකකරු විසින් අමානුෂික ලෙස අතවර සිදුකර ඇත්තේ.
එම අවස්ථාවේ දැරිය තනිව සිට ඇති අතර සැකකරු විසින් දැරිය බලහත්කාරයෙන් අසල පිහිටි ගල්ගුහාවකට රැගෙනගොස් තිබෙනවා.
එහිදී දැරියගේ ටයි පටිය බලහත්කාරයෙන් ගලවාගෙන ඉන් ගෙළසිරකර තර්ජනය කර මෙලෙස අමානුෂික ලෙස අතවර කර ඇති බවයි පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.
මෙලෙස දැරිය අතවරයට ලක්ව ඇත්තේ 2009 දෙසැම්බර් මාසයේ බලංගොඩ මස්සැන්න ප්‍රදෙශයේදීයි.
14 හැවිරිදි දැරියට අතවර කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නීතිපති විසින් සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනුකළා.
කෙසේ වෙතත් එහිදී සැකකරු පවසා සිටියේ තමන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිවැරදිකරු බවයි.
පසුව අදාළ නඩුව අඩක් විභාගයට ගැනෙන අතරවාරයේ සැකකරු විසින් එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් වැරදිකරු බව පිළිගෙන ඇත්තේ.