Gossips

13 හැවිරිදි බාල වයස්කාර දැරියකට අතවර කිරීමට තැත් කළ 48 හැවිරිදි පොලිස් කොස්තාපල්

13 හැවිරිදි බාලවයස්කාර පාසැල් දැරියකට ලිංගික අතවරයක් සිදු කිරීමට තැත්කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන දඹුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 24 දින දක්වා රක්ෂිත බන්ධාගාර ගත කිරීමට අද (12 )මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මෙම නියෝගය දෙනු ලැබුවා.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ මහනුවර-වත්තෙගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි දෙදරු පියෙක්.
වින්දිත දැරියගේ මව සමග සැකකාර පොලිස් කොස්තාපල්වරයා දිගුකාලයක සිට අනියම් ඇසුරක් පවත්වා ගෙනගොස් තිබෙනවා.
සැකකරු පසුගිය මාසයේ දිනෙක වත්තේගම ප්‍රදේශයේ පදිංචි දැරිය, දඹුල්ල ප්‍රදේශයේ ලගුම්හලකට උපක්‍රමශීලිව රවටා ගෙනවිත් එහිදී ලිංගික අතවරයකට තැත්කර තිබෙනවා.
මෙම දැරිය තමන්ට මුහුණපෑමට සිදුවූ අතවරය පිලිබදව තම පාසලේ ගුරුවරියකට ප්‍රකාශ කිරීමෙන් පසු ඇය විසින්ඉකුත් මස 13 දින පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි කිරීමෙන් පසු සැකකාර පොලිස් කොස්තාපල්වරයා 11 දින දඹුල්ල පොලිසියට පැමිණ බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ජාලිය සන්දනායකගේ අධීක්ෂණයෙන් හා දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරතන ගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කරනවා.
දඹුල්ල – අශෝක එරමිනිගම්මන