Gossips

13 හැවිරිදි බාල වයස්කාර දැරියක් සමග අනියම් ඇසුරක් පැවැත් වූ 48 හැවිරිදි පොලිස් කොස්තාපල්

13 හැවිරිදි බාල වයස්කාර පාසැල් දැරියකට ලිංගික අතවරයක් සිදු කිරීමට තැත්කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන දඹුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධාගාර ගත කිරීමට අද (12 )මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මෙම නියෝගය කර තිබෙනවා.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන්නේ මහනුවර-වත්තෙගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි දෙදරු පියෙක්.
වින්දිත දැරිය සමග සැකකාර පොලිස් කොස්තාපල්වරයා දිගුකාලයක සිට අනියම් ඇසුරක් පවත්වා ගෙනගොස් තිබෙනවා.
සැකකරු පසුගිය මාසයේ දිනෙක වත්තේගම ප්‍රදේශයේ පදිංචි දැරිය දඹුල්ල ප්‍රදේශයේ ලගුම්හලකට උපක්‍රමශීලිව රවටා ගෙනවිත් එහිදී ලිංගික අතවරයකට තැත්කර තිබෙනවා.
මෙම දැරිය තමන්ට මුහුණපෑමට සිදුවූ අතවරය පිලිබදව තම පාසලේ ගුරුවරියකට ප්‍රකාශ කිරීමෙන් පසු ඇය විසින් ඉකුත් මස 13 දින පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි කිරීමෙන් පසු සැකකාර පොලිස් කොස්තාපල්වරයා 11 දින දඹුල්ල පොලිසියට පැමිණ බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ජාලිය සන්දනායකගේ අධීක්ෂණයෙන් හා දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරතනගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වනවා.
දඹුල්ල – අශෝක එරමිනිගම්මන