Gossips

13 හැවිරිදි දරුවෙකු නොසිතූ ලෙස මියගිය කිලිනොච්චියේ ඛේදවාචකය

මුලංකාවිල්, අම්බපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරවීමෙන් වයස අවුරුදු 13ක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාල දරුවා සෙල්ලම් කරමින් සිටින අවස්ථාවක සිය නිවස ඉදිරිපිට පේර ගසක ගැට ගැසූ රෙදි පටියකින් සෑදූ තොණ්ඩුවක් බෙල්ලට දමාගෙන ගසෙන් බිමට පැන ඇති බව සඳහන්.
එම අවස්ථාවේදී ගෙල සිරවීමෙන් බරපතල තත්වයේ පසුවූ දරුවා මුලංකාවිල් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඊයේ (31) දහවල් සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ රාජේන්ද්‍රන් තුහකරන් නැමැති දරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් මුලංකාවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඡායාරූප – වන්නි රොමේෂ් මදුෂංක