Gossips

13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහනට ෆින්ලන්ත රජයේ සහය

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන සඳහා ෆින්ලන්ත රජය සහය ලබාදීමට තීරණය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සමඟ ෆින්ලන්ත අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය පෙට්රි පෙල්ටෝනස් අද අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඊට අදාළ සාකච්ඡාවකද නිරතවුණා.
ඒ අනුව වෘත්තිය සහ තොරතුරු තාක්ෂණය ඇතුලූ විවිධ විෂය ක්‍ෂේත්‍රයන් දියුණු කිරීම සඳහා ෆින්ලන්ත රජයේ සහයෝගය ඉදිරියේදී හිමිවනු ඇති.