Gossips

13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයට ඩොලර් මිලියන 50ක මූල්‍යාධාරයක්

වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ සිදුකෙරෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ගුරු පුහුණුව සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික යටිතල පහසුකම් සැපයීමට අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ අරමුදල ඇමරිකානු ඩොලර් මිලියන 50ක ආධාරයක් ලබාදී තිබෙනවා.
ඒ අනුව තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීම සහ ඒවාට අවශ්‍ය යන්ත්‍ර උපකරණ එම ආධාරවලින් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන ප්‍රතිපත්ති ව්‍යාපෘතිය සඳහා වැය වන සමස්ත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 60.7ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.
ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අතිරේක අරමුදල වන ඇමරිකානු ඩොලර් මිලියන 10.7 රජය විසින් දරනු ඇති.